(කොළඹ, ලංකාපුවත්) – මවගෙන් දරුවාට ඒඩ්ස් සම්ප්‍රේෂණය වීම වැළැක් වූ රටක් ලෙස ශ්‍රි ලංකාව නම්කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
ඒ සම්බන්ධ වන සහතිකය මේ වසර අවසන් වීමට පෙර නිකුත් කිරිමට කටයුතු යොදා තිබේ.
දරුවන්ට මවගෙන් ඒඩ්ස් රෝගය වැළදීම පිළිබඳ ලොව පුරා තොරතුරු වාර්තා වී ඇත. එය වැළැක්විම සඳහා ශ්‍රි ලංකාව පසුගිය වසර කිහිපය තුළ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන ලදි. ඒවා සාර්ථක වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.