දුරකථන සංවාදය ගැන විමර්ශනය කරන්න – නීතිපති රාජ්‍ය කොමිසම් සභාවට දන්වයි

(කොළඹ, ලංකාපුවත්) –සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය හා ඇවන්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා අතර සිදුවී තිබෙන දුරකථන සංවාදය පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙසට නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඊයේ (23) ලිඛිතව දැනුම් දුන්නේය.

මේ සඳහා සුදුසු නිලධාරියකු පත්කර විමර්ශන කටයුතු සිදුකරන ලෙසට නීතිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙන බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + 17 =