දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න – කොක්මාදූව යටවෙයි

(කොළඹ, ලංකාපුවත්) –අධික වර්ෂාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව හා වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවී තිබේ.

මේ සඳහා විකල්ප මාර්ග භාවිත කිනර ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මතුගම දෙසට ගමන් කිරීමට බාධාවක් නොමැති අතර අලුත්ගම දෙසට ගමන් ගන්නා වාහනවලට වැලිපැන්න පිවිසුම භාවිත නොකර දොඩම්ගොඩ පිවිසුම ඔස්සේ ගමන් කරන ලෙස රියදුරන්ට දැනුම් දෙයි.

මාතර සිට කෙළඹ දෙසට ගමන් කරන වාහන මතුගම දෙසට ධානය කිරීමේ දී වැලිපැන්න පිටවුම භාවිත නොකර කුරුඳුගහහැතැප්ම හෝ දොඩම්ගොඩ පිටවුම භාවිත කර මතුගමට පිවිසිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *