ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ඔක්.30 සිට

(කොළඹ, ලංකාපුවත්) – 2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝබර් මස 30 සහ 31 වැනි දිනවල සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

පොලිස් දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා නොවැම්බර් මස 01 වැනි දින තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සිදු වේ. එසේම මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම මෙම මස 30 වැනිදායින් අවසන් වේ.

එම නිසා තැපැල් ඡන්ද අයදුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලු දෙනා සිය අයදුම්පත් සැප්තැම්බර් මස 30 වැනි දිනට හෝ ඊට පෙර අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා වෙත භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම සැප්තැම්බර් 27 වැනි දින සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *