පාකිස්තානයේ භූ කම්පනයක් –25ක් මරුට-300 කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තානයේ ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් 300 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ භූ කම්පනයේ අගය රික්ටර් 5.8 ක් බවය.

මේ හේතුවෙන් මීර්පූර් ප‍්‍රදේශයේ මහා මාර්ග හා රථ වාහන වලට දැඩි අලාභ හානි සිදුව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ නිවාස රැසක් කඩාවැටී ඇති බවත් භූ කම්පනය ඇති වීමත් සමඟ ගොඩනැගිලි වල සිටි පුද්ගලයින් ඉවතට පැනීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් ප‍්‍රමාණය වැඩි බවයි.

ආපදාවට පත් වූවන්ට කඩිනමින් සහන සැලසීම ආරම්භ කර ඇත. තුවාල ලැබූවන් බොහෝ පිරිසක් බරපතල තුවාල ලැබූවන් බවද වාර්තා වේ.

එසේම පසු කම්පන සිදු වේයැයි බියෙන් බොහෝ පිරිසක් නිවෙස්වලින් පිටත රැදී සිටින බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + one =