රටම කතා වු “කෑගල්ල ටිකිරි“ අවසන් ගමන් යයි

(කොළඹ, ලංකාපුවත්) – සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේ කථා බහට ලක් වු “කෑගල්ල ටිකිරි“ නම් ඇතින්න කෑගල්ල රන්දෙණිය ප්‍රදේශයේ දී මිය ගොස් තිබේ.

ඊයේ(24) සවස 5.30 පමණ ඇතින්න මිය ගොස් ඇති අතර මෙම ඇතින්න අවුරුදු 75ක් පමණ දිර්ඝ ආයුවිදි බව වාර්තාවේ.

කෑගල්ල වනජීවි නිලධාරීන් විසින් මෙම ඇතින්නගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතව ඇතැයි සදහන් වේ.

“ටිකිරිගේ“ අවසන් කටයුතු අද(25) සවස සිදු කිරීමට නියමිතව ඇති අතර අද උදෑසන භික්ෂූන්වහන්සේලා පහලොස් වමක් විසින් පාංශුකූලයද පවත්වා ඇත.

1940 දශකයේ අග භාගයේදි මාතලේ අලුවිහාරේ පරපුර සතුවු ටිකිරි ඇතින්න ඉන් පසු රත්වත්ත පරපුර සහ තවත හිමිකරුවන් කිහිපදෙනෙකු සතුව සිටි මෙම ඇතින්න පසුව රන්දෙණියේ තිලකරත්න මහතා භාරයේ ඇතිදැඩිවිය.1960 දශකයේ සිට දළදා පෙරහැර ඇතුලු දිවයිනේ සෑම සුපසිද්ධ පෙරහැරකටම සහභාගිවිය.

වයෝවෘධ වූවත් අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසී මෙලෙස මෙවර දළඳා පෙරහැරේද මෙම ඇතින්න ගමන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *