පක්ෂය හැර ගිය අයට සජිත්ගෙන් ආරාධනා

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත් වූ පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන මන්ත්‍රීවරුන්, ඇතුළු පක්‍ෂ නියෝජිතයින්ට රට ගොඩනැගීමේ වැඩසටහනට යළි තමා සමඟ එක්වන ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (24) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඇරයුම් කළේය.

විවිධ මතවාදයන් නිසා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත්ව සිටින බොහෝ පිරිසක් පක්‍ෂය වෙනුවෙන් කටයුතු කිරීමේ අපේක්‍ෂාවෙන් සිටින බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

මතවාද යනු සාකච්ඡාකොට විසඳා ගෙන කටයුතු කළ හැකි කරුණු මිස වෙන්වීමට සාධක නොවන බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. පක්‍ෂයේ ක්‍රියාකාරී ලෙස කටයුතු කළ, අසීරුතම අවස්ථාවේ පක්‍ෂයට ශක්තියක් වූ බිම් මට්ටමේ සිට පක්‍ෂ සංවිධාන ජාලය ගොඩනැගිය හැකි හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාටද පක්‍ෂයේ අභිමානය ගොඩනගමින් රට ගොඩනැගීමේ වැඩසටහනට තමා සමඟ එක්වන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඇරයුම් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *