ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ බ්‍රිතාන්‍ය අගමැති යළි සිය රටට

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තුව සති පහකට කල් තැබීමට බ්‍රිතාන්‍ය අගමැතිවරයා ගත් තීරණය නීතිවිරෝධී බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග එක්සත් ජාතීන් ගේ සමුළුව සඳහා අමෙරිකාවට ගොස් සිටි අගමැති බොරිස් ජොන්සන් වහාම සියරට පැමිණ තිබේ.

ඔහු ඉල්ලා අස්විය යුතු බවට කෙරෙන ප්‍රකාශ පිළිබඳ අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටින්නේ එම තීන්දුව පිළිබඳව දැඩි ලෙස එකඟ නොවන නමුත් ඊට ගරු කරන බවත්ය.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ යැයි යැයි විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කළ අතර බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තිබෙන මොහොතක අගමැතිවරයාගේ තීරණය නීතිවිරෝධී සහ පාර්ලිමේන්තුවට වගකීමෙන් බැහැර වීමට ගන්නා ලද උත්සහායක් යැයි ද ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය තීන්දු කළ අතර ඊට එරෙහිව බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඉදිරිපත් කළ අභියාචනයද මෙසේ බරාජයට පත්විය.

කිසිදු සාධාරණ හේතුවකින් තොරව අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල කටයුතු කරගෙන යෑමට තිබෙන හැකියාව නවත්වමින් පාර්ලිමේන්තු සැසිය අවසන් කිරීමට ගත් තීරණය නීතිවිරෝධී බවට මහ රැජිණට දැනුම් දෙන බව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති ලේඩි හේල් මහත්මිය ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *