හෙට සිට වැසි තත්වයේ අඩුවිමක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ නිරිත දිග කොටසට පවතින තද වැසි තත්ත්වයේ තරම අඩුවීමක් හෙට (26) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, දකුණ, බරගමුව, මධ්‍යම, වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, දකුණ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයේ ද, මධ්‍යම වයඹ පළාත්වල ඇතැම් ස්ථානට මි.මී. 75 පමණ තරමක් තද වර්ෂාපතනයේ ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු පළාත්වල, විශේෂයෙන් සවස්කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් හිත වැසි ඇති විය හැකි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික ඇති විය හැකි තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් හිත වැසි ඇති වේ. මන්නරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ තද වැසි ද ඇති විය හැක. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත සිට දකුණ දක්වා වන දිශා වලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *