නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සදුදා රැස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ලබන සදුදා (30) රාත්‍රියේදි පැවැත්විමට නියමිත බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක මහතා පැවසීය.

මන්ත්‍රීවරයා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙහිදි සාකච්ජා කිරිමට නියමිත බවයි.

ඉදිරි ජනාධිපතිවරණය සදහා සිය පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද යන්න සම්බන්ධයෙන් මෙහිදී තිරණය කරන බවද වීරකුමාර දිසානායක ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ජාවක් ද ලබන සදුදා දහවල් පැවැත්විමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + 13 =