සාම සාධක මෙහෙයුම්වලින් ශ්‍රී ලංකාව ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් කිරීම මුල් කරගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාව මින් ඉදිරියට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව තීරණය ඇති බව ඊයේ (26) විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයකු උපුටා දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ෆොරින් පොලිසි’ සඟරාවද මේ බව වාර්තා කර ඇත. ඒ අනුව අත්‍යවශ්‍ය නොවන ශ්‍රී ලංකා යුද හමුදාවේ බළකා එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයද විරෝධය පළ කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 16 =