අද සවස් කාලයේ සිට යළිත් වැස්ස වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල අද(27) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට සුදුසු කාලගුණික තත්ත්වයක් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්ය.

ත්‍රිකුණාමලය සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවි ය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *