බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගුගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව අද(30) දිනයේ දීත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවයලට සවස 02.00න් පමණ පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි අපේක්‍ෂා කෙරේ.

දකුණු පළාතේ සහ යාපනය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේ දී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

වයඹ සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − fifteen =