ජනාධිපතිවරණ තැපැල් ඡන්ද අයදුම්පත් භාරදිමේ කාලය අදින් අවසන්

(කොළඹ, ලංකාපුවත්) –මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්පත් භාරගැනීම අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වේ.

ඔක්තෝබර් 30 හා 31 යන දෙදින තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කෙරුණි. එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ හා මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා නොවැම්බර් මස 01 වැනිදා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දින නියම කෙරිණ.

තැපැල් ඡන්ද අයදුම් කිරිම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලු දෙනා සිය අයදුම්පත් සැප්තැම්බර් මස 30 වැනි දිනට හෝ ඊට පෙර අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා වෙත භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා සදහන් කළේය.

2019 ඡන්ද හිමි නාමලේඛනයේ තමන්ගේ නම ඇතුළත් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1919 අංකයට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් හා තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් ඕනෑම අයෙකුට ඡන්ද හිමි නාමලේඛනයේ තොරතුරු ලබාගත හැකියි.

ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොමැති පුද්ගලයෙකු සිටීනම් ලබන 19 වැනිදාට පෙර ඒ පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කළ හැකි බව ද පසුගියදා මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.
2019 ජනාධිපතිවරණය නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.. ඔක්තෝබර් 07 වැනිදා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *