අනුර කුමාර වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ජාතික ජනබල ව්‍යාපාරය විසින් අද (01) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරන ලදී.

මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රචාරක ලේකම් පා.ම. විජිත හේරත් ,මහාචාර්ය චන්දන අබේරත්න, නීතීඥ සුනිල් වටගල , නීතීඥ හර්ෂණ නානායක්කාර, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ , සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, මහින්ද රත්නායක, මහාචාර්ය වසන්තා සුභසිංහ, නජා මොහොමඩ් (NFGG), පා.ම. බිමල් රත්නායක, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගීවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 4 =