ඉන්ධන මිල ගැන සෞදි ඔටුන්න හිමි කුමරුගෙන් යළි අනතුරු ඇඟවීමක්

(කොළඹ, ලංකාපුවත්) – ලෝක ප්‍රජාව ඉරානයට බාධා කිරීමට කටයුතු නොකරන්නේ නම් ඉන්ධන මිළ වේගයෙන් ඉහළ යාම වැළැක්විය නොහැකි වනු ඇති බව සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන් කුමරු නැවත වරක් අනතුරු හඟවයි.

එමගින් ගෝලීය ආර්ථිකයට බලවත් හානියක් සිදුවනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ අතර මාධ්‍යවේදී ජමාල් කෂෝගි ගේ ඝාතනයේ වගකීම තමා බාර ගන්නා බවට ඔහු විසින් ප්‍රකාශ කළ ද විදෙස් මාධ්‍යක් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ එම ඝාතනය සම්බන්ධයෙන් පෞද්ගලිකව අණ කළ බවට නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. මෙම ඝාතනය සෞදි ආණ්ඩුව වෙනුවෙන් සේවයේ නිරත පුද්ගලයින් අතින් සිදුවූවක් බැවින්, රටේ නායකයකු ලෙස එහි වගකීම තමා සම්පුර්ණයෙන්ම භාරගන්නා බව එම වැඩසටහනේ දී සල්මාන් කුමරු පවසා තිබුණි.

කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන ලුජේන් අල්-හැත්ලූල් හට බන්ධනාගාරයේදී වධහිංසා පමුණුවා ඇතැයි නැගෙන චෝදනාව සම්බන්ධයෙන් ද තමා පෞද්ගලිකව සොයා බලන බව මෙම සම්මුඛ සාකච්ඡාවේ දී ඔහු සඳහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *