ජනපති අපේක්ෂක සංඛ්‍යාව ඉහල යයි

(කොළඹ, ලංකාපුවත්) – පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් තවත් අපේක්ෂකයින් 4 දෙනෙකු ඊයේ(30) ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන ආකාරයට දැනට පිළිගත් දේශපාලන පක්ෂ 9ක අපේක්ෂකයින් සහ ස්වාධීන අපේක්ෂකයින් 4 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇත.

ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය අයදුම් කිරීමට ලබාදී තිබූ කාලය ද මේ මස 04 වන සිකුරාදා මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර තිබෙන අතර අපේක්ෂකයින්ගේ ප්‍රදර්ශනය කර ඇති පෝස්ටර් සහ බැනර් ඉවත් කරන ලෙසට අදාළ පක්ෂවල ලේකම්වරුන් දැනුවත් කිරීමට ද මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *