(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය ආයතනවල සිදුව ඇති බව කියන දූෂණ, වංචා පිළිබඳවිමර්ශන සිදු කිරීම සදහා පත් කළ ජනාධිපති කොමිශන් සභාවේ කාලය ලබන 31 වනදා දක්වා යලි දීර්ඝ කර තිබේ.
2015 වසරේ ජනවාරි මස 15 වන දින සිට 2018 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇති බව කියන දූෂණ, වංචා පිළිබඳ විමර්ශන සිදු කිරීම සදහා ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි මස 14 වනදා මෙම කොමිසන් සභාව පත් කරනු ලැබීය.
රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සම්බන්ධ පැමිණිලි මේ වන විට 1343 ක් ලැබුණු බව ජනාධිපති කොමිසම සඳහන් කළේය.
අදාළ පැමිණිලි සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට අග්‍රාමාත්‍යවරයා, ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන් ද කැඳවනු ලැබීය.
ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පසුගිය 26 වනදා ජනාධිපතිතුමාට භාර දුන්නේය.