(UPDATE) පොලිස්පති පූජිත්ට ඇප

(කොළඹ, ලංකාපුවත්) –අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකාර පොලිස්පති පූජිත් ජයසුන්දරට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමටයි.


පුජිත ජයසුන්දර CID අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (01) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරවන පුද්ගලයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × five =