ලබන 05වනදා යළි රැස්වීමට නිදහස් පක්ෂය තීරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා ලබන 05වනදා යළි රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. ඊයේ (30) රාත්‍රියේ රැස් වූ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රියේ රැස් විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සහාය දීමේදී ඡන්ද ලකුණ සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව පිළිබදවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. ඒ අනුව ලබන පස්වනදා රාත්‍රී හතට මධ්‍යම කාරක සභාව යළි රැස්වීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වන්නේ නම් ඊට අදාළ අවබෝධතා ගිවිසුමේ පිටපතක් ද මධ්‍යම කාරක සභාවට ඊයේ ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *