‘අත’ හැර ගිය අයට නිදහසට කරුණු දක්වන්න දින 14ක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරගිය මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සමාජිකත්වය තහනම් කරන බවට ලිපි මේ වන විට ඔවුන් වෙත යවා ඇති බවත් ඔවුන්ට විනය කමිටුව ඉදිරියේ පෙනි සිටීමට දින 14 කාලයක් ලබා දුන් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (01) ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

මේ වන විට ඔවුන්ට චෝදනා පත්‍ර ඉදිරිපත් කර ඇති අතර පළමුව ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා ඇති බවත් ඔවුන් ලබාදුන් නිදහසට කරුණු සම්බන්ධයෙන් විනය කමිටුව සෑහීමකට පත් නොවන බවත් මහලේකම්වරයා පැවසීය. එසේම පක්ෂ නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලතල අනුව ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර තවදුරටත් විනය පරීක්ෂණ පවත්වන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − 9 =