මහත්මා ගාන්ධි 150වන ජන්ම දිනය නිමිති කර ගනිමින් විශේෂ සැමරුම් උලෙළක්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දිය නිදහස් සටනේ පුරෝගාමියා ලෙසත්, අවිහිංසාවාදයේ පියා ලෙසත් ලොව පුරා ප‍්‍රසිද්ධියට පත් මහත්මා ගාන්ධිතුමාගේ 150වන ජන්ම දිනය නිමිති කර ගනිමින් සංවිධාන කළ විශේෂ සැමරුම් උලෙළක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මහත්මා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත‍්‍රයට මල් දමක් පලඳවා පුෂ්පෝපහාර දැක්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

අනතුරුව ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා විසින් ද ජනාධිපතිතුමා අනුගමනය කරමින් මහත්මා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත‍්‍රය වෙත මල්දමක් පළදවා ගෞරව දක්වන ලදී.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ඇතුළු ශ‍්‍රී ලංකා සහ ඉන්දීය සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මහත්මා ගාන්ධිතුමාගේ 150වන ජන්ම දිනය අදට (ඔක්තෝබර් 02) යෙදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *