යාපනයේ අවතැන්වූවන් සඳහා නිවාස

(කොළඹ, ලංකාපුවත්) –යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති දිගුකාලීනව අභ්‍යන්තර අවතැන්වූවන් සඳහා නිවාස ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිණ.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මෙසේ අනුමත කරන ලදී.

මේ යටතේ, යාපනය දිස්ත්‍රික්කයේ දිගුකාලීන ව අභ්‍යන්තරව අවතැන් වූ හා ඉඩම් නොමැති අය ලෙස ලියාපදිංචි වී ඇති පවුල් 535 න් 250 ක් සඳහා නිවාස හිමිවෙයි.

මේ යටතේ, පරිත්‍යාගශීලියකු විසින් මිල දී ගෙන ත්‍යාගයක් වශයෙන් ලබා දී ඇති අක්කර 7.5 ක පමණ භූමි ප්‍රමාණයකින් යුත් යාපනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 88 ග්‍රාම නිලධාරි වසමේ නව මුවර් වීදියේ වන්නර්පොන්නෙයිහි පිහිටි රාසලිකුලන්කරෙයි නම් පෞද්ගලික ඉඩම් කොටසෙහි දෙමහල් නිවුන් (twin) නිවාස සංකීර්ණයක්, එක් නිවසක් වර්ග අඩි 600 ක් බැගින් වන නිවාස ඒකක 250 කින් යුතු ව ඉදි කිරීම සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *