දුම්රිය වර්ජනය 07වන දිනටත්

(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් වැටුප් විෂමතා ගැටලු මුල්කර ගනිමින් පසුගිය 25 වනදා ආරම්භ කළ වැඩ වර්ජනය අද (02) 07 වන දිනටත් ක්‍රියාත්මකය.

පසුගියදා දුම්රිය වෘත්තිය සමිති සහ වෘත්තිය සමිති ගැටලු පිළිබද සොයා බැලීමට පත්කළ කමිටුව සමඟ සාකච්ඡාවක් පැවති අතර එය අවසන් වුයේ කිසිදු එකගතාවයකින් තොරවයි.

කෙසේ නමුත් අදාල වෘත්තිය සමිති ගැටලු පිළිබද ඊයේ (01) රැස්වු කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමු කර විසදුම් ලබා දී ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *