දුම්රිය සංවෘත සේවාවක් කරන්න කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය සංවෘත සේවාවක් බවට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය ඇමැති අසෝක් අබේසිංහ මහතා පවසයි.

ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කෙළේ,දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ඉල්ලීම මත සංවෘත සේවාවක් බවට පත් කිරීමට කැමැත්ත පළ කොට සාකච්ජාවෙන් එළියට පැමිණ වෙනත් මත පළ කර තිබෙනවා. දුම්රිය සේවාව සංවෘත සේවාවක් කිරීමට ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අනුමැතිය හිමි වී තිබේ. මෙසේ කිරීමෙන් ඔවුන්ගේ වැටුප් තල වෙනස් වීමක් සිදු වෙනවා. එසේ තිබියදීත් වැඩ වර්ජනය කරනවා නම් එයටත් විසදුම් ඇති බැවින් ,හැකිනම් ඉදිරියටත් වැඩ වර්ජනය කර පෙන්වන්න .එසේ කළහොත් හොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසුවේය.

දුම්රිය වෘත්තීය සමිති මෙතෙක් ඉදිරිපත් කළ යෝජනා ඇහුම්කන්දී ඒවාට පිළියම් යොදවා තිබියදීත් කන්දෙන්නේ නැතිව මගී ජනතාව තලා පෙළා ඉදිරියටත් දැඩි අපහසුතාවයට පත්කොට වැඩ වර්ජනය කළ හොත් දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරන බවත් ඒ සඳහා ගැසට් පත්‍රය ජනාධිපතිතුමාගේ උපදෙස් මත සකස් කොට ඇතැයිද අසෝක් අබේසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *