සංගා නව තනතුරේ වැඩ භාරගනී

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍යයේ Marylebone ක්‍රිකට් සමාජයේ (MCC) නව සභාපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඊයේ (01) වැඩ භාර ගනු ලැබීය. ඒ අනුව වසරක කාලයක් සඳහා සංගක්කාර මෙම තනතුර හොබවනු ඇත.

MCC හි සභාපති ධූරයට පත් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන පළමු පුද්ගලයා ලෙසින් කුමාර් සංගක්කාර ඉතිහාස ගත වනු ඇත.

මෙම තනතුර සඳහා කුමාර් සංගක්කාරගේ නම යෝජනා කරන ලද්දේ MCC හිටපු සභාපති ඇන්තනි ව්‍රේෆෝඩ් විසින් පසුගිය මැයි මාසයේ දීය.

2012 වසරේ දී MCC ක්‍රිකට් සමාජය විසින් සංගක්කාරට යාවජීව ගෞරව සාමාජිකත්වය පිරිනමන ලදී.

ක්‍රිකට් ක්‍රීඩාවේ නවාතැන (Home of Cricket) ලෙසින් හැඳින්වෙන ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ අයිතිය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ නීතිරීති සම්බන්ධ භාරකාරීත්වය පවතින්නේ Marylebone ක්‍රිකට් සමාජය යටතේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *