ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගෝඨාභයගේ ද්විත්ව පුරවැසි සහතිකය ගැන ගොනුවක් නෑ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි සහතිකය සම්බන්ධ කිසිදු ලිපිගොනුවක් ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව නැති බව එහි පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ඊයේ (02) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියලු කටයුතු 2007 වසරේදී පරිගණකගත කළ අතර එම දත්තවලද අදාළ තොරතුරු කිසිවක් ඇතුළත් නොවන බවද හෙතෙම සඳහන් ක‍ළේය.

එහෙත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව තිබූ කිසිදු ලිපියක් ‍හෝ ගොනුවක් විනාශ කර නැති බවද හෙතෙම සඳහන් කළේය.ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම සහ කටයුතු කිරීම වළක්වන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙසේ සඳහන් කළේය.

සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනකු වන ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *