මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂවලට දැනුම්දීමක්

(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හා ස්වාධින අපේක්ෂකයන්ට දැනුම්දීමක් සිදු කර ඇත.

ඒ ඔවුන් ප‍්‍රදර්ශනය කර ඇති කටවුට් හා පෝස්ටර් ආදිය ස්වේච්ඡාවෙන් ඉවත් කරගන්නා ලෙස පවසමින්ය. ඉවත් කර නොගන්නා පෝස්ටර් ලබන 07 වනදායින් පසුව පොලිසිය යොදා ඉවත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සඳහන් කළේය.

දේශපාලන පක්ෂ නියෝජිකයන් හා පොලිස් ප‍්‍රධානින් සමඟ ද මැතිවරණ කොමිසම ඊයේ (02) සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදි මෙම කරුණු පිළිබඳව අවධානය යොමුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *