දුම්රිය සේවක වර්ජනය දේශපාලන කුමන්ත්‍රණයක්

(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් සිදුකරන කූට කුමන්ත්‍රණයක් බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා අනාවරණය කෙළේය.

දුම්රිය සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට ජනාධිපතිවරයා පත්කළ විශේෂ වැටුප් කොමිෂන් සභාවේ නිර්දේශ මත රජය ක්‍රියාකොට තිබියදී එය නොතකා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගෙන යන්නේ බැසිල් රාජපක්ෂ මහතා දෙන උපදෙස් මත කූට දේශපාලන කුමන්ත්‍රණකරුවෝ බව ද මංගල සමරවීර මහතා අවධාරණය කෙළේ ඊයේ (03) සවස මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු ‍ලබාදෙමිනි.

ජනාධිපතිවරයා පත්කළ විශේෂ වැටුප් විෂමතා දුරුකිරීමේ කමිටුවේ නිර්දේශ මත අපි ලබන වසරේ ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් වැඩි කරනවා. එයට අනුව ලබන වසරේ රුපියල් 3000 ත් රුපියල් 24000 ත් අතර වැටුප් වැඩිවීමක් වන බව අපි කලින් කිව්වා. නමුත් දැන් ගණන් බලන විට ඒ ප්‍රමාණය රුපියල් 5500 ත් 34000 ත් අතර මට්ටමට වැඩි වෙනවා යැයි ද මංගල සමරවීර මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 11 =