බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ හොඳම ඉන්දීය රසිකයා මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ හොඳම ඉන්දීය රසිකයා ලෙස ප්‍රකට බොමන් රෂිඩ් කොහිනූර් මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මිය යන විට 97 වැනි වියේ පසු ඔහු සතු අවන්හලට වඩා මුම්බායි හි ජනප්‍රිය වූයේ රජ පවුල කෙරෙහි ඔහු දැක් වූ දැඩි කැමැත්තයි.

විලියම්- කේට් යුවළ ඉන්දියාවේ සංචාරය කළ අතරතුර තමන්ව මුණ ගැසෙන ලෙස ඉල්ලමින් පුවරුවක් ප්‍රදර්ශනය කළ ඔහු අන්තර්ජාලය හරහා ඉතා වේගයෙන් ව්‍යාප්ත විය. කෙසේ වුව ද ඔහුට එම අවස්ථාව හිමි වූයේ ද එම වීඩියෝව නිසාය.

ඔහු නිරන්තරයෙන් එළිසබෙත් රැජින වෙත ලිපි ලියූ අතර වින්ඩ්සර් මාලිගයේ නියෝජිතයින් ඒවාට පිළිතුරු එවීමට ද පුරුදුව සිටි බව වාර්තා වේ. ඔහු ගේ මිණිපිරියකට ඔහු නම් තබා ඇත්තේ ඩයනා ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *