දුම්රිය වැඩවර්ජනය නිම කිරීමට තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව සති දෙකකට ආසන්න කාලයක් පැවති දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

වැටුප් විෂමතා ගැටළු කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන්, නියාමකයින් සහ ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වර්ජනය අද 12 වන දිනටත් ක්‍රියාත්මක කළේය.

අද(07) පස්වරුවේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමඟ පවත්වන සාකච්ජාවෙන් පසු දුම්රිය වැඩවර්ජනය අවසන් කරන බව, දුම්රිය වෘත්තීය සමිති පැවසීය.

දුම්රිය සේවකයින් මේ වන විට මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් අද උදෑසන සාකච්ජා දෙකක්පවත්වා තිබුනි. ඒ අනූව, දුම්රිය වෘත්තීය සමිති හා වැටුප් කොමිෂම අතර සාකච්ජාවක් අද පෙරවරුවේ පවත්වා තිබෙන අතර, තවත් සාකච්ජාවක් අද පෙරවරුවේ පවත්වා තිබෙන අතර, තවත් සාකච්ජාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග පැවැත්වූ බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *