පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර , මධ්‍යම , සබරගමුව , උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත් වලත් මුලතිව් හා වව්නියාව දිස්ති‍්‍රක් වලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් හැත්තෑ පහත්, සියයත් අතර තරමක් තද වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

සබගරමුව , මධ්‍යම , ඌව සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදි මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − ten =