මෙවර ජනපතිවරණයට 35 දෙනෙක් තරග බිමට

(කොළඹ, ලංකාපුවත්) –2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු අද (07) මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත සිය නාමයෝජනා පත්‍ර භාර දුන්නේය.

මේ සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධින අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැම්පත් කොට තිබුණි. ඔවුන් අතරින් චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම හා මහීපාල හේරත් යන මහත්වරුන් නාම යෝජනා භාර නොදෙන බව දැනුම් දුන් බව මහින්ද දේශප්‍රිය මහතා පැවසිය.

ඇප මුදල් තැම්පත් කොට සිටි තවත් දෙදෙනෙකු නාම යෝජනා භාර දීමට පැමිණ සිටියේ නොමැති බව නාම යෝජනා භාර ගැනීමේ කාලය අවසන් විමෙන් පසු මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේය.

නාම යෝජනා සඳහා විරෝධතා දෙකක් ලැබුණු බවත් මෙම විරෝධතා මැතිවරණ පනතට අනුව පිළිගත නොහැකි බවත් සභාපතිවරයා පැවසීය.

මෙවර අපේක්ෂකයින් 06 දෙනෙකු නාම යෝජනා භාර දී නැති බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *