(කොළඹ, ලංකාපුවත්) –යුරෝ මිලියන හතලියක ආධාර මුදල් ශ්‍රී ලංකාවට ලබාදීමට යුරෝපා සංගමය තීරණය කරයි.
ඒ ප්රතිසන්ධානය හා ප්රජාතන්ත්රවාදි වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් වෙනුවෙන්ය. මුදල් අමාත්‍යංශය සමඟ ඒ සම්බන්ධ ගිවිසුමකට ද එළඹ තිබේ. ජනතාවට වඩාත් යහපත් ජිවන තත්ත්වයක් උදාකර දීමත් වැඩපිළිවෙලේ අරමුණකි.
සංවර්ධන ව්‍යාපෘතිවල ප්රතිලාභ සියලු ප්‍රජාවට හිමිකර දීම මුලිකවේ. ඒ අනූව දිගු කාලින සංවර්ධනය, සාමය හා ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රි ලංකාවට සහාය ලබාදෙන බව යුරෝපා සංගමය සඳහන් කළේය.