සවස 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේ හෝ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව,මධ්‍යම, ඌවසහ දකුණු පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100) පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකිය.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශ වල උදෑසන කාලයේදීද මද වැසි ඇති විය හැකිය.

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *