ඉන්ධන මිල කමිටුව අද රැස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්ධන මිල කමිටුව අද(10) පස්වරු 06.00 ට රැස්වීමට නියමිතය‍.

පසුගිය 10 වනදා රැස්වූ ඉන්ධන මිල කමිටුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියලකින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කෙරිණ.

සුපිරී ඩීසල් ලීටරයක මිල ද පසුගිය මාසයේ රුපියල් 02 කින් පහත දැමී ය.

කෙසේ නමුත් මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් පහළ යාමත් සමග, මෙවර ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *