(කොළඹ, ලංකාපුවත්) – දිවයිනම ආවරණව වන පරිදි ඉදිරි ජනාධිපතිවරණ නීරීක්ෂණ කටයුතු සදහා මැතිවරණ නිරීක්ෂකයින් දසදහසකට ආසන්න පිරිසක් යොදවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා පවසයි.
මැතිවරණ කාල පරාසය තුල රාජ්ය දේපල අවභාවිතයන් සම්බන්ධයෙන් මෙවර විශේෂ අවධානයක් යොමුකරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර කැෆේ සංවිධානය විසින් මැතිවරණ නිරීක්ෂන කටයුතු සදහා නිලධාරීන් 7500 දෙනෙකු අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.