ශ්‍රී ලංකා තැපැල් ලාංඡනය වෙනස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –2019 ලෝක තැපැල් දිනයට සමගාමී ව තැපැල් මුලස්ථානයේ දී ඊයේ (09) පැවති සංවත්සර උත්සවයේ දී නව තැපැල් ලාංඡනය එළිදැක්වීම සිදු විය.

තැපැල් සේවා හා මුස්ලිම් ආගමක කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් මහතාගේ මූලිකත්වයෙන් මෙම එළිදැක්වීම සිදු කෙරිණි.සෙසු රටවල තැපැල් ආයතන හා සම්බන්ධ කිරීමේ දී ශ්‍රී ලංකාවේ තැපැල් සේවාව යම් මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කරනු ලබන බව ද, කාලයත් සමඟ දියුණු වෙමින් පවතින ලොවට සරිලන පරිදි තැපෑල තාක්ෂණ අතින් තවදුරටත් විශාල වෙනසකට බඳුන් විය යුතු බවත් ඇමතිවරයා මෙම උත්සව සභාව අමතමින් පැවසීය.

එමෙන්ම ලිපි යැවීමට වඩා තැපෑල හරහා සිදු වන බොහෝ සේවාවන් ජනතාවට සපයන බවත්, තැපෑල සේවාවක් වන නමුදු එය ලාභ උපයා ගැනීමේ ආයතනයක් බවට පරිවර්තනය කර ගත යුතු බවත් පැවසු ඒ මහතා අලුත් ජවයකින් යුතුව ඉදිරියට යන්නට වර්තමානයට සරිලන ලෙස අද දින එළිදැක් වූ නව තැපැල් ලාංඡනය උපයෝගී කර ගත හැකි වන බවත්, එළි දැක් වූ නව ලාංඡනය සමඟ සියලු දේ නව මුහුණුවරකින් යුක්තව කටයුතු කිරීමට හැකි වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *