Disrupt Asia 2019 දේශක මණ්ඩලයට ලොව ප‍්‍රමුඛ පෙළේ ව්‍යවසාය ආරම්භක උපදේශකයින් සහ සමාගම් රැසක් එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – Disrupt Asia , 2016 වසරේ සිට මෙරට නව ව්‍යවසායකයින්ගේ පද්ධතිය ගොඩ නංවමින් ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයින්ට වසර ගණනාවක් පුරා සුවිශේෂී සේවයක් ඉටු කරමින් සිටී.

මෙම සමුළුව සහ නවෝත්පාදන උළෙල වසරින් වසර වර්ධනීය තත්වයන් සපුරා ගනිමින් සුප‍්‍රසිද්ධ නවෝත්පාදන උගතුන් සහ පෙරළිකරුවන්, ව්‍යාපාරික නායකයින් ඒ සඳහා එක් කර ගනු ඇත. එමෙන්ම ලෝකයේ කීර්තිමත් ව්‍යවසායකයින් සහ ජාත්‍යන්තර සමාගම් මේ සඳහා ආකර්ෂණය කර ගනිමින් නව ව්‍යවසායකයන්ට සිය ව්‍යවසායකත්වය තුළ නව වෙනසක් ඇති කර ගත හැකි ආකාරය පිළිබඳව මග පෙන්වීමක් සිදු කරයි. එහිදී ඔවුන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් දිරි ගන්වමින් දේශීය නව ව්‍යවසායකයින්ට , කර්මාන්ත හා ප‍්‍රජාවන් සහ සියලූම ආකාරයේ සංවිධාන සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට සවිබලය සපයයි.

Disrupt Asia 2019 මෙවර සමුළුව සහ නවෝත්පාදන උළෙල අතිශය සිත් ඇදගන්නා සුළු බුද්ධියේ තෝතැන්නක් වන අතර සමුළුවේ සියලූම කමිටු සාමාජිකයින් සහ දේශකයින් කේෂ්ත‍්‍රයේ නව අදහස්වලින් පිරි අත්දැකීම්වලින් පරිපූර්ණ වූ, අනාගත තාක්ෂණික ලෝකය පිලිබඳ පුළුල් දැක්මක් ඇත්තන්ය. එහිදී තාක්ෂණයේ දියුණුව සහ එය සමාජගත කිරීමේ අභියෝගයන් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡුාවට ලක් කිරීම සඳහා සුවිශේෂී අවස්ථාවක් හිමිවේ. ඒ අනුව Disrupt Asia 2019 අනාගත ව්‍යවසායකත්ව කෞශල්‍යයේ ජිවගුණය රැුඳී පෙරගමන්කරු ලෙස හඳුන්වා දිය හැකිය.

සමුළුවේ ආරම්භක ප‍්‍රධාන දේශනය හොංකොං හි පුරෝගාමී තාක්ෂණික ව්‍යවසාය ආරම්භකයෙකු වන Casie Lau විසින් සිදු කිරීමට නියමිත අතර එහිදී ඔහු ව්‍යවසායකත්ව ආරම්භකයින් දිරිගැන්වීම සහ ක‍්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.

ඒ අතරම පුද්ගලයන් සහ ව්‍යාපාර එකිනෙක සම්බන්ධ කිරීම සහ ව්‍යාපාර සැලසුම් කිරීම පිළිබඳව උපදෙස් දීම, ව්‍යවසායකත්ව හැකියාවන් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථා නිර්මාණය කර දීම සහ ලොව පුරා සිදුවන ව්‍යවසාය ආරම්භ කිරීම් පිළිබඳව දැක්මක් ඇති ඔහු මෙසේ පවසයි. ‘‘සෑම තැනකම පාහේ ව්‍යවසාය ආරම්භ කිරීම්වල වර්ධනයක් සිදු වෙමින් පවතිනවා. නව ව්‍යවසායකයින් සම්ප‍්‍රදායික කර්මාන්ත අංශයට පුනර්ජීවයක් ලබා දෙන අතරම නවෝත්පාදනයන් පිළිබඳවත් අවධානය යොමු කරනවා. දැනටමත් ඔවුන් නව තාක්ෂනය දියුණු කිරීම සඳහා ඉදිරියට ගමන් කරමින් සිටින අතර ඔවුන් ලෝකය තුළ ධනාත්මක සමාජ බලපෑමක් ඇති කරමින් දහස් ගණනක ජනතාවගේ ජිවිත වැඩි දියුණු කිරීමේ පරිවර්තනීය ක‍්‍රියාවලියට සහය දක්වනවා.’’

තායිලන්තයේ ප‍්‍රථම හා විශාලතම සම-ක‍්‍රියාකාරී අවකාශය වන HUBBA හි විධායක සභාපති සහ සම-නිර්මාතෘවරයා වන Amarit Charoenphan මෙම සමුළුවේ සහ නවෝත්පාදන උළෙලේ සමාප්ති දේශනය සිදු කරමින් නව ව්‍යවසායකයන් දිරිගන්වමින් ධෛර්යමත් කිරීමට නියමිතය. මේ පිලිබඳ අදහස් දැක්වූ Amarit ‘‘ඔබ ඔබ පිලිබඳ විශ්වාස කිරීම නැවැත්වූ විට, ඔබගේ කාර්යය කෙරෙහි ඇති ඇල්ම ඉවත්කර ගත් පසු සහ නවෝත්පාදනයන් සහ ගැටළු නිරාකරණය කිරීමට උත්සාහ කිරීම නතර කර දැමූ විට, ඔබ මිය ගිය නව ව්‍යවසායකයකු බවට පත් වෙනවා. තමන්ගේ ඉලක්කය දෙස දෑස යොමුකර තබා ගන්න, ඉදිරියට ගමන් කරන්න, ඔබ ඔබ ගැන සැක නොකරන්න, ඔබ සාර්ථක නොවුවත් ඔබට විශාල අත්දැකීම් රාශියක් මෙමගින් ලබා ගන්න පුළුවන් වේවි.’’

මෙවර Disrupt Asia 2019 සඳහා Gold Partner වශයෙන් එක් වන Visa හි ශ‍්‍රී ලංකා මාලදිවයින් කළමනාකරු Anthony Watson මෙසේ අදහස් දැක්වීය ”ලෝකයේ පළමු fintech ආයතනය ලෙස, වීසා අපි, ශ‍්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන නව ව්‍යවසාය පද්ධතියේ ඇති දියුණු තත්වයන් ගැන සතුටට පත්වනවා. ICTA සහ Disrupt Asia සමග එක් වීම හරහා ලෝකයේ විශාලතම ගෙවීම් ජාලය විසින් ලබා දෙන අවස්ථා රාශියක් සඳහා වීසා කණ්ඩායම සමඟ සම්බන්ධ වීමට හැකියාව මෙහිදී හිමි වෙනවා. Disrupt Asia තුළින් අනාගතය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වයන් හඳුනාගනිමින් ශ‍්‍රී ලංකාවට හොඳම වාසි අත්කර දීමට අපි බලාපොරොත්තු වනවා. ”

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SME) මෙන්ම ව්‍යවසාය ආරම්භ කිරීම් වලට අමතරව පරිසරය සහ තිරසාර ආර්ථික සංවර්ධනයට සහාය වන බොහෝ අංශවල ප‍්‍රගතිය ප‍්‍රවර්ධනය කිරීම සඳහා GIZ සහයෝගය ලබා දෙමින් සිටී.

දෙවන වසරටත් Disrupt Asia සමඟ හවුල් වෙමින් තානාපති Jörn Rohde මහතා මෙසේ අදහස් දැක්වීය. ‘‘අද වන විට ශ‍්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ අංශයේ සහ තරුණ දියුණු ව්‍යවසාය ආරම්භ කිරීමේ දැක්මක් සහිතව අනාගත ආර්ථික තරගකාරිත්වයේ සමෘද්ධිය උදාකර ගැනීම උදෙසා ඩිජිටල් කරණය හා සම්බන්ධ වී තිබෙනවා. Disrupt Asia මගින් දේශීය හා කලාපීය වශයෙන් නව ව්‍යවසායකයන් ජාලකරණය බොහෝ ව්‍යවසායකයින්ට විශාල ආශ්වාදයක් ගෙන දෙන්නක් වී තිබෙනවා. අඛණ්ඩව දෙවන වරටත් මෙම සමුළුවේ නවෝත්පාදන හවුල්කරු ලෙස ICTA සමග එක්ව බොහෝ ව්‍යවසායකයින්ට රුකුලක් වීමට හැකි වීම පිළිබඳව අප බොහෝ සතුටට පත් වනවා.’’

නැගී එන ව්‍යවසාය පද්ධති සඳහා විශාල අවස්ථාවන් ලබා දෙමින් මීළඟ පරම්පරාවේ ව්‍යවසායකයින් සමඟ ආයෝජකයින් සම්බන්ධ කිරීම අරමුණු කරගත් මහද්වීප අතර සම්බන්ධතා ගොඩනගන වේදිකාවක් ලෙස,Seedstars පිළිගැනීමට ලක්ව ඇත. මෙවර Disrupt Asia සමුළුව සහ නවෝත්පාදන උළෙල සඳහා සහභාගී වෙමින් Seedstars මෙරට දේශීය නව ව්‍යවසායකයින් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට සහය දක්වයි.

ීැැාිඒරි හි ආසියානු කලාපයේ කළමනාකාරිණී Rosie Keller, මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‘‘Seedstars පසුගිය වසර 5 ක කාලය තුළ ගෝලීය තරගකාරිතවයේ ඉහළම මට්ටම්වල ව්‍යවසාය ආරම්භ කිරීම් ඉස්මතු කිරීමේ සිට, විවිධාකාරයේ අද්විතීය දේශීය හවුල්කරුවන් සමඟ වැඩ කිරීම දක්වා ශ‍්‍රී ලංකා ව්‍යවසාය ජාලකරණ පද්ධතිය සමඟ විශාල සම්බන්ධතාවයක් ඇතිකර ගනු ලැබුවා. අප මේ වසරේදීත් Disrupt Asia හි හොඳම නව ව්‍යවසායකයින්ට සහය ලබා දෙනු ලබනවා. ඒ වගේම Disrupt Asia සමග සම්බන්ධ වීමෙන් අපගේ අභිප‍්‍රායන් දෙකක් ඉටුවනවා. ඉන් පළමු වැන්න ශ‍්‍රී ලාංකික ජාලය තුළ ඇති අති විශිෂ්ට නව ව්‍යවසායකයන් හා සමීපව වැඩ කිරීමට හැකිවිමයි. දෙවැන්න නොවැම්බර් 27 සිට 29 දක්වා කාම්බෝජයේ පැවැත්වෙන කලාපීය සමුළුවේදී ශ‍්‍රී ලාංකික නව ව්‍යවසායක් කලාපීය පද්ධතියට හඳුන්වා දීමට හැකි වීමයි.

Disrupt Asia 2019 සමුළුව සහ නවෝත්පාදන උළෙල ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා Visa (ගෝල්ඞ් පාට්නර්න), Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH (නවෝත්පාදන සහකරු) Crowdisland, DirectPay, Hatch (කේෂේත‍්‍ර සහකරු) Bhasha Lanka Pvt Ltd (ජංගම දුරකථන විසදුම් සහකරු) AngelHack, Startup Accelerator by PWC Sri Lanka, Seedstars සහ STARTUPRIGHT (දැනුම සහකරු)AWS Activate (Cloud සහකරු), Ath Pavura සහ CITRA (සමාජ නවොත්පාදන සහකරු), Extreme SEO (නිර්මාණාත්මක වීඩියෝ සහකරු) Dialog (Broadband සහකරු), Dialog Television (Pay Tv සහකරු), ShoutOUT (Messaging සහකරු), Echelon (Magazine සහකරු) PayHere(ගෙවීම් සහකරු) Emerging Media (Digital Signage සහකරු), ReadMe (Digital Content සහකරු) Gudppl (ස්වේච්ඡා සහකරු) PickMe (ප‍්‍රවාහන සහකරු) Cinnamon Hotels and Walker Tours (සත්කාරක සහ සංචාරක සහකරු)Sujan Images and JohnKeellsX(සහයෝගීතා සහකරු) ලෙස සහය ලබා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 5 =