ශ්‍රී ලාංකීය නව නිපැයුම් 14කට කොරියාවේ දී සම්මාන

(කොළඹ, ලංකාපුවත්) – කොරියාවේ සෝල් නුවර පැවති නව නිපැයුම් පිළිබඳ ජාත්‍යන්තර යොවුන් ඔලිම්පියාඩ් තරඟාවලියේ දී (Korea International Youth Olympiad – KIYO 4I) ශ්‍රී ලාංකීය නව නිපැයුම්කරුවන් දහතුන් දෙනකු ඉදිරිපත් කළ නිපැයුම් දාහතරටම සම්මාන හිමි වී තිබේ.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම දේශීය නව නිපැයුම්කරුවන් හට ජාත්‍යන්තර නවෝත්පාදන තරඟ අත්දැකීම ලබාදීම වෙනුවෙන් දරන්නා වූ ප්‍රයත්නය නැවත වරක් මල් ඵල ගැන්වීමට පාසල් අංශගේ මෙම නව නිපැයුම්කරුවන් සමත් ඇත. ඔක්තෝබර් මස 05 සහ 06 දිනයන් හිකොරියාවේ සෝල් නුවර පැවති නව නිපැයුම් පිළිබඳ ජාත්‍යන්තර යොවුන් ඔලිම්පියාඩ් තරඟාවලියේ දී (Korea International Youth Olympiad – KIYO 4I) ශ්‍රී ලංකාව නිගයෝජනය කිරීමට ලද අවස්ථාව උපරිමව ප්‍රගයෝජනයට ගනිමින් ඔවුන් රන් පදක්කම් තුනක්, විශේෂ ඇගයීම් සම්මාන තුනක්, රිදී පදක්කම් හයක් හා ලෝකඩ පදක්කම් හතරක් ජයග්‍රහණ කරනු ලැබීය.

මදුරුවන් ව්‍යාපත් වීම වැළැක්වීම සඳහා පී. ඩී. පසිඳු මිහිරාන් විසින් නිපදවන ලද නව නිපැයුම (Modified yoghurt cup to prevent spreading of mosquitoes) වෙනුවෙන් රන් පදක්කමක් සහ විශේෂ ඇගයීම් සම්මානයක් හිමි විය. නදීශ බණ්ඩාර තෙන්නකෝන් ගේ “පටල ආලේපන යන්ත්‍රය” (Ultra-thin film coating machine) සහ කේ. පී. ගයෂාන් ගේ නව නිපැයුම වන “සතුන් පලවාහැරීමට ගයදාගන්නා ආරක්ෂිත දුරස්ථ පාලකය” (Remote controlling safety firing – to drive away animals) වෙනුවෙන් ද රන් සම්මාන හා විශේෂ ඇගයීම් සම්මාන ද්විත්වය බැගින් හිමි විය.

“දැවමය ඇණ සැකසුම් යන්ත්‍රය” (Machine of producing wood nails) නිපදීම වෙනුවෙන් පසිඳු ගුණරත්න තවත්‍ රිදී සම්මානයක් ප්‍රදානය දිනා ගනු ලැබීය. “රාහු කාල නිර්ණ ඔරලෝසුව” (Rahu time indicator clock) හා “පහසු ආහාර ඇසුරුම” (Easy food packet) යන නිපැයුම් ද්විත්වය වෙනුවෙන් රිදී පදක්කම් ලබාගැනීමට තරුෂිපතිරත්න ශිෂයාව සමත් වූවා ය. “දොදොල් මිශ්‍රණය සැකසීමේ යන්ත්‍රය” (Dodol batter mixing equipment) නිපදවීම වෙනුවෙන් ටී. ඩී. ටී. වීරසිංහ ද, “අගුළු හැරීමේ නිවේදකය” (Unlocked positioning alarm lock – lock with alarm to indicate unlocked position) වෙනුවෙන් යූ. සනාතනන් මෙන්ම “ස්වයංක්‍රීය පරිගණක පාලකය” (Automatic computer controller) නව නිපැයුම වෙනුවෙන් බෝසිළු ද සිල්වා ද රිදී පදක්කම් හිමිකර ගෙන ඇත.

ජනිඳු බණ්ඩාර ගේ නව නිපැයුම වන “ගල් පාපිස්ස” (Stone Carpet) , දිනෙත් රාජසේකර ගේ “වැඩිදියුණු කළ නියපොතු කපනය” (Clipper of nail cutter) හා විරාජ් චාමික ගේ “මැණික් පරීක්ෂකය” (Smart gem tester) ලෝකඩ පදක්කම් හිමි ගනු ලැබීය‍. තවද උදාර දෙව්මික ගේ “එළවළු හා පළතුරු පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි බහාලුම” (Vessel with easy transportation for vegetables & fruits) සඳහා ද ලෝකඩ පදක්කමක් හිමි විය.

මෙම තරඟය සඳහා නව නිපැයුම්කරුවන් දහතුන් දෙනකුගේ නිපැයුම් දාහතරක් ඉදිරිපත් කෙරුණු අතර, සෑම නව නිපැයුමක් සඳහාම ජයග්‍රහණයක් හිමිවීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “සහසක් නිමැවුම්” ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය පදනම්ව 2018 වසරේ දී පාසල් අංශයේ රන් සම්මානලාභී ජයග්‍රාහී නව නිපැයුම්කරුවන් KIYO 4I තරඟයට සහභාගී වීමේඅවස්ථාව හිමි කර ගන්නා ලද අතර මේ සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දෙනු ලැබුවේ කොමිසම විසිනි.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම කොමසාරිස්, මහාචාර්ය රංගික හල්වතුර මහතාගේ මඟගපන්වීම මත මෙම යොවුන් නව නිපැයුම්කරුවන් සමඟ ශ්‍රී ලංකා නියෝජිත් මණ්ඩල ප්‍රධානී වශයෙන් කොමිසමේ අධයක්ෂ එන්. එන්. ඩබ්. දොලවත්ත මහතා සහ මාර්ගෝපදේශ නිලධාරි වශගයන් එන්. සී. ඈපා මහත්මිය සහභාගී වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + six =