හෙරොයින් ජාවාරම්කරුවෙක් පෝරකයට

(කොළඹ, ලංකාපුවත්) – හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 43. 44 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මොහොමඩ් මුසාහීර් ගඩාෆි නැමැති 43 හැවිරිදි අයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දණ්ඩනය නියම කර තිබේ.

කොළඹ, මාලිගාකන්ද ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මුසාහීර් ගඩාෆි නැමැත්තා පස් දරු පියෙකි.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 43.44 ක් සමඟ මෙම විත්තිකරු 2016 වසරේ දී මාලිගාකන්ද ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනි. ඉන්පසු නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

දීර්ඝ නඩු විභාග විභාගයකින් පසුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හෙරොයින් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට විත්තිකරු වරදකරු කරන බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *