ආගන්තුක මත්ස්‍ය ආක්‍රමණයෙන් දේශීය මත්ස්‍යයින් වඳ වීමේ අනතුරක

(කොළඹ, ලංකාපුවත්) –කළුගග වැනි දිවයිනේ ප්‍රධාන ජලාශවලට ආගන්තුක මත්ස්‍යයින් මුදා හැරීම හේතුවෙන් දුම්බර පෙතියා, මගුරා, ආඳා, ලූලා සහ කොරලියා වැනි දේශීය මත්ස්‍ය සම්පත වඳ වී යාමේ තර්ජනයක් ඇති බව ග්‍රාම අභිවෘද්ධි පරිසර සංරක්ෂ පදනම හෙවත් ගැපෙක් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

දුම්බර පෙතියා, මගුරා, ආඳා, ලූලා සහ කොරලියා වැනි දේශීය මත්ස්‍ය වර්ග 32කට මෙම තර්ජනය බලපා ඇති බව ගැපෙක් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස මහතා පැවසීය.

කැට්ලා, ගුරාමි සහ තිලාපියා වැනි ආගන්තුක මත්ස්‍යයින් ජලාශවලට මුදා හැරීමේදී දේශීය මත්ස්‍ය පැටවුන් ආහාරයට ගැනීම දේශීය මත්ස්‍ය සම්පත වඳ වී යාමට බලපා තිබෙන බවත් දේශීය මත්ස්‍ය සම්පත සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව ඇතිව කළුගඟ වැනි ජලාශයක් දේශීය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් ලෙස වෙන් කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවත් ජයතිස්ස මහතා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *