ඇල්පිටිය පුංචි ඡන්දයේ ප්‍රතිඵල අද රාත්‍රි 10ට පෙර

(කොළඹ, ලංකාපුවත්) – අද(11) රාත්‍රී 10.00 ට පෙර ඇල්පිටිය ඡන්දයේ සමස්ථ ප්‍රතිඵලය ලබාදිය හැකි බවය විශ්වාස කරන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම අද (11) පෙරවරු 07.00ට ආරම්භ වීමට විය.

ඡන්ද මධ්‍යස්ථාන 47කදී පස්වරු 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා අවස්ථාව පවතින අතර ඊට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව පනස් තුන්දහස් තුන්සිය අසු හතරකි.

ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 05කින් අපේක්ෂකයන් 155 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර ඔවුන්ගෙන් 28 දෙනෙක් සභිකයන් ලෙස තේරී පත් වේ.

මැතිවරණ රාජකාරී කටයුතු සඳහා කාර්ය මණ්ඩලයේ 800 දෙනෙක් යොදවා ඇති අතර මේ වන විට ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *