“මේ දක්වා තත්වය සාමකාමී වීම සාධනීයයි” -කැෆේ

(කොළඹ, ලංකාපුවත්) –අනිකුත් ජනාධිපතිවරණ වලට සාපේක්ෂව ගත් කළ නාම යෝජනා භාර දුන් දිනයේ සිට මේ දක්වා තත්වය සමාකාමී බව කැෆේ සංවිධානය කියයි. එහි වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා සඳහන් කළේ බරපතල සිදුවීම් කිසිවක් මේ දක්වා වාර්තා නොවන බවයි.

නීති විරෝධි ප්‍රචාරණ කටයුතු සහ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම් ආදී පැමිණිලි පමණක් ලැබෙමින් පවතින බවත් ඒවා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සක්‍රිය ලෙස ක්‍රියාත්මක වන බව හෙතෙම පෙන්වා දුන්නේය.

නාම යෝජනා භාර දුන් දිනයේ කිරිබත්ගොඩ නගරය ඇතුළු නගර රැසක ඉදිකර තිබූ කටවුට් පිළිබඳව කැෆේ සංවිධානය විසින් මැතිවරණ කොමිසම දැනුවත් කළ බවත්, ඉතා ඉක්මනින් ඒ පිළිබඳ අවධානය යොමු කර එම කටවුට් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් අහමඩ් මනාස් මහතා පැවසීය. මෙම සාධනීය තත්වය දිගටම පවත්වාගෙන යාමට ජනාධිපතිවරණ අපේක්ෂකයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් කටයුතු කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ කැෆේ සංවිධාය වෙත මැතිවරණ පැමිණිලි 113ක් වාර්තා වී ඇති බව ද ඒ මහතා අවධාරණය කළේය.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ පැමිණිලි භාර ගැනීම කැෆේ සංවිධානය විසින් ආරම්භ කර ඇති බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ 0114 341524 යන දුරකථන අංකයට සහ 0112 866224 යන ෆැක්ස් අංකයට මෙන්ම [email protected] යන ඊමේල් ලිපිනයට පැමිණිලි යොමු කළ හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *