ළමා ආරක්ෂක අධිකාරිය දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරයි

(කොළඹ, ලංකාපුවත්) –දේශපාලන කටයුතු සඳහා ළමයින් යොදා නොගන්නා ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියළු දේශපාලන පක්ෂ වලින්, ස්වාධීන කණ්ඩායම් හා තැනැත්තන්ගෙන් ඉල්ලා සිටී.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති මෙම අවස්ථාවේදී ළමයින් විවිධ ක්‍රම ඔස්සේ දේශපාලන කටයුතු සඳහා සහභාගී කර ගන්නා බවට මහජනතාවගෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත තොරතුරු ලැබී ඇත.

ළමයින් දේශපාලන කටයුතු වලට සහභාගී කර ගැනීම මගින් ඔවුන්ව කායික හෝ මානසික හිංසනයකට ලක්වන්නේ නම් එය ළමා අපයෝජනයක් වේ.

එමෙන්ම එවැන්නක් ළමයාගේ අයිතිවාසිකම් ද උදුරා ගනු ඇත.

එවැනි සිදුවීම් වෙතොත්1929 ශ්‍රි ලංකා ළමා උපකාරක දුරකථන සේවය අමතා හෝ ලිඛිතව හෝ ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑල මගින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත දැනුම් දිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *