අද සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකිය.

නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද සිහින් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේම කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + 11 =