අද සිට විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු යළි ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –සියලු විශ්ව විද්‍යාලවල කටයුතු අද (14) සිට යළි ආරම්භ වේ. ඒ, දින 33 ක් පුරා පැවැති වැඩවර්ජනයෙන් පසුවයෙ.

විශ්ව විද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති මෙලෙස වැඩවර්ජනයක නිරතවූයේ වැටුප් විෂමතාවක් සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලූකාරී තත්ත්වයක් හේතුවෙ‍ෙ.

විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය ලේකම් කේ. එල්. ඩ්.ජේ. රිච්මන්ඩ් මහතා පැවසුවේ තම ගැටලූ විසඳීමට බලධාරීන් පොරොන්දු ලබාදීමත් සමග වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය අවසන් කළ බවයි.

වර්ජනය හේතුවෙන් මෙතෙක් කි‍්‍රයාත්මක නොවුනු සියලූ සතිඅන්ත පාඨමාලා ද මෙම සතියේ සිට ආරම්භ කරන බව ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − eleven =