සා.පෙළ හැඳුනුම්පත් නැත්නම් කතා කරන්න

(කොළඹ, ලංකාපුවත්) –2019 සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටින, එහෙත් මේ වනවිටත් ජාතික හැඳුනුම්පත් ලැබී නොමැති සිසුන්ට ඒ පිළිබඳව විමසීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

011-5226115 යන දුරකථන අංකයට ඇමතීමෙන් ඒ සම්බන්ධයෙන් විමසීම් කළ හැකිය.

2019 මාර්තු 31 වැනි දිනට පෙර ජාතික හැඳුනුම්පත් සඳහා සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ පළාත් කාර්යාලයට යොමු කරන ලෙස 2018 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා චක්‍ර ලේඛනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ. ඒ අනුව නිකුත් කර හැඳුනුම්පත් අයදුම්කරුවන්ගේ නිවෙස් වෙත යොමු කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *