ජනාධිපතිවරණයට තැපැල් ඡන්ද ලක්ෂ 07ක්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයඳුම්පත් ලක්ෂ 07කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

ඒ අතරින් සුදුසු අයදුම්පත් සලකා බැලීම මේ වන විට සිදු කරමින් පවතී. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීම පසුගිය 04 වැනිදා අවසන් විය. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ලබන 30 සහ 31 දිනවල සිදුකිරීමට නියමිත බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *