කොටකෙතන ද්විත්ව ඝාතනයේ සැකකරුට මරණ දඬුවම

(කොළඹ, ලංකාපුවත්) – 2012 වර්ෂයේදී ජනවාරි 31 වැනි දින රත්නපුර කොටකෙතන ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයාට අද (15) මරණ දඬුවම නිකුත් කෙරුණි.

නයනා නිල්මිණි සහ කාවින්ද්‍යා චතුරංගි සෙල්ලහේවා යන මව සහ දියණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවූ ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තාට මෙලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මරණ දඬුවම නියම කළේය.

මෙම සිද්ධියේදී ඇසින් දුටු සාක්ෂියක් නොමැතිව පරිවේශනීය සාක්ෂි මත ඉදිරියට ගෙන ගිය මෙම නඩුවේ චෝදනා නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මාලි කරුණානයක මහත්මිය විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර ඇති බව සඳහන් කරමින් මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *